ගම්පහින් කොරෝනා රෝගීන් දෙදෙනෙක් – අයෙකු පිළිකා රෝහලටත් ගියහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

ගම්පහින් කොරෝනා රෝගීන් දෙදෙනෙක් – අයෙකු පිළිකා රෝහලටත් ගියහින්

ගම්පහින්  කොරෝනා රෝගීන් දෙදෙනෙක් – අයෙකු පිළිකා රෝහලටත් ගියහින්

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර පවසයි.

 


මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උප්දෙෂකවරයෙකුට සහ ඔහු සමග එහි ගිය රියදුරෙකුටයි.

 


මෙම දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට යලි පැමිණි අයවළුන් වන අතර රියදුරා වශයෙන් කටයුතු කර තිබෙන ගම්පහ, ටිකිරිරාජ මාවතේ පදිංචි පුද්ගලයා පසුගිය 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාලව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

 


පසුව ඔහු සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති බවට හෙළිව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර සඳහන් කළේ.

 


රියදුරා වශයෙන් කටයුතු කළ කොරෝනා ආසාදිත පුද්ගලයා ස්ථාන රැසක සංචරණය කොට ඇති බවත් ඔහු ප්‍රිය සම්භාෂණ කිහිපයකට ද සහභාගිව ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

 


කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි දාන නිවසකට ද ගොස් ඇති බවට කරුණු අනාවරණය කොට ගෙන තිබෙනවා.

 


කන්දකාඩු මධ්‍යස්ථානයේ රෝගීන් වාර්තා වීමත් සමග ඔවුන් දෙදෙනා නිවසේ දී ස්වයං නිරෝධායනයට යොමු කොට සිදුකළ PCR පරීක්ෂණ වලදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

 

views

746 Views

Comments

arrow-up