ගුවනින් මළ සිරුරු 7ක් දිවයිනට - සවුදියේ ගෙලසිර කර මරාදැමූ එකම පවුලේ තිදෙනෙක් ඒ අතර!
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

ගුවනින් මළ සිරුරු 7ක් දිවයිනට - සවුදියේ ගෙලසිර කර මරාදැමූ එකම පවුලේ තිදෙනෙක් ඒ අතර!

ගුවනින් මළ සිරුරු 7ක් දිවයිනට - සවුදියේ ගෙලසිර කර මරාදැමූ එකම පවුලේ තිදෙනෙක් ඒ අතර!

සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී , ගෙල සිඳ මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයකු පැවසීය .
 
මොවුන් කැළණිය , බියගම පාරේ , පංසල අසළ  ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. 

එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු  බවට තොරතුරු ද වාර්තා වේ .
 
මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව  ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ .
 
මෙසේ මරා දමා ඇති පවුලේ පියාගේ වයස අවුරුදු 59 කි. මවගේ වයස අවුරුදු 55 ක් වන අතර ඔවුන්ගේ දුවගේ වයස අවුරුදු 34 කි .
 
ඔවුන්ගේ මළ සිරුරු අද (7) උදෑසන 7.10 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
 
මෙම ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 4 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 7 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
 
අනෙක් මළ සිරුරු 4  වෙනත් ස්වභාවික හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවසීය .
 
 මේ වනවිට මෙම මළ සිරුරු 3 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ .

 

views

701 Views

Comments

arrow-up