ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය ගැන මුදල් අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය ගැන මුදල් අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය ගැන මුදල් අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැත. මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මකයි

 


තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවත්, එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරනු ලබයි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් මෙසේ කියා සිටී.

 


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත වේ. රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැත.

 

නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.
මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙනු ලැබේ.

 

views

680 Views

Comments

arrow-up