නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේ දී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේ දී

නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේ  දී

මෙවර නිදහස් දින උත්සවය පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී ඊයේ (23 දා) විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

 


ජාතික නිදහස් දින උත්සවය නිමිත්තෙන් පවත්වන පෙරහුරුවලදී මහජනතාවට අපහසුතා අවම වන පරිදි පුහුණුවීම් කටයුතු සිදුකරන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

 


ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නිදහස් දිනයට සමගාමීව රටම ආවරණය වනසේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීමටද අමාත්‍යාංශය කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

 


ජාතික නිදහස් දින උත්සවයට පෙර නිදහස් මන්දිරයේ පිළිසකර කටයුතු කඩිනමින් සිදුකරන ලෙස එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් ඇමැතිවරයා දන්වා තිබේ.

 

 

මෙම අවස්ථාවට ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ.

 

views

733 Views

Comments

arrow-up