ශ්‍රීලනිප ජගත්ට පොහොට්ටු වේදිකාවේදීම හූ තියයි - මනාප නොදෙන්නැයි ප්‍රසිද්ධියේ කියයි (VIDEO)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කර තිබූ සෙවනගල ජන හමුවේදී හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට විරෝධය පා පා හූ තබමින් ජනතාව නොසන්සුන් ලෙස හැසිරුණහ.
හිටපු ඇමතිවරයා සභාව අමතා කතා කිරීමට පෙර වේදිකාවට ගොඩ වුණු භික්ෂූන් වහන්සේ නමක් මයික්‍රෆෝනය අතට ගෙන කියා සිටියේ මහින්ද සමග හිටපු මිනිස්සුන්ට පමණක් ජන්දය ද ලෙසයි.
යහපාලනය සමග එක්ව සිට පොහොට්ටුව පර කරන්න ආපු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.
පසුව මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක විමල් ගලගමආරච්චි මහතා විසින් ජනහමුව අමතමින් සිටි අවස්ථාවේ ඔහුගේ පුත්‍රයා වන දිමුතු ගලගමආරච්චි මහතාට තවත් අපේක්ෂකයෙකු වන වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතාගේ ආධාරකරුවන් පිරිසක් පහරදී තිබේ.
කෙසේ වෙතත් මෙම විරෝධතා හා ගැටුම් අවසානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනහමුව අමතමින් පැවසුවේ කිසි විටෙකත් මනාප පොරයක් ඇති නොකරගත යුතු බවය.
අග්‍රාමාත්‍යවරයා ජනහමුව පැවති ස්ථානයෙන් පිටව යාමත් සමග එම ස්ථානයට පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරින්ද කැඳවා තිබූ ආකාරය දක්නට ලැබුණි.
932 Views
Comments