උදයංග වීරතුංග බන්ධනාගාරයෙන් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට

කුප්‍රකට මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර, බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටි උදයංග වීරතුංග මහතාව කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුගේ නිර්දේශය අනුව ඒ මහතාව මෙසේ ජාතික රෝහලේ ගෙවන්න වාට්ටුවකට මාරුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
අධිකරණය මඟ හරිමින් වසර කිහිපයක්ම විදෙස්ගතව සිටි ඒ මහතා පසුගිය පෙබරවාරි 14 වනදා මෙරටට පැමිණි අතර පසුදින (15) අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අවස්ථාවේ සිටම ඔහු පසුවූයේ බන්ධනාගාර රෝහලෙහිය.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප ඥාති සහෝදරයකු ද වෙයි.
643 Views
Comments