ඉතාලියේ සිට ආ බවට සඟවපු රෝගියෙක් නිසා රාගම රෝහල අවුලක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
20

ඉතාලියේ සිට ආ බවට සඟවපු රෝගියෙක් නිසා රාගම රෝහල අවුලක

ඉතාලියේ සිට ආ බවට සඟවපු රෝගියෙක් නිසා රාගම රෝහල අවුලක

පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 1 දෙනෙක් ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කර සිටිනවා.

 

ජා-ඇල ප්‍රදේශයේ පදින්චිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට ඇතුල්වී තිබෙනවා.

 

මෙහිදී එම රෝගියා තමන් ගේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය විමසීම් වලදී ඔහු ඉතාලියේ සිට පැමිණි බවට ප්‍රකාශ නොකට එය වසන් කර ඇත.

 

රෝහලේ 15 වන වාට්ටුවට ඇතුලත් කර තිබු එම රෝගියා ඉන් දින දෙකකට පමණ කැස්ස සහ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව වෛද්‍යවරුන් ඔහුගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිතී සිදුකළ විමසීමේදී තමන් ඉතාලියේ සිට මෑතකදී ලංකාවට පැමිණ ඇති බවට හෙළිකර ඇත.

 

ඒ සමගම වෛද්‍යවරුන් එම රෝගියාගේ සාම්පල් කොරෝනා පරික්‌ෂණය සඳහා යොමු කොට ඇති අතර එම වාර්තා අනුව ඔහුට වෛරසය වැළදී ඇති බව ඊයේ තහවුරු වී ඇත.

 

මෙම රෝගියා දින දෙකක් රෝහල තුල නේවාසිකව සිට ඇති අතර එම කාලය තුලදී රෝහල තුල ඇවිදමින් වීවීධ පුද්ගලයින් සමග කතා කරමින් සිට ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ.

 

මෙලෙස කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයාට ප්‍රතිකාර සිදුකළ සහ ඔහුට උපස්ථාන කළ රෝහල් සේවකයින් ඇතුළු 15 දෙනෙක් මේ වන විට ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

 

" මේ රෝගීයා කොහේ කොහේ ඇවිද්දද කාත් එක්ක ඇසුරු කළාද කියා අපි සොයමින් ඉන්නවා. අඩුම වශයෙන් මේ රෝගියා ඉතාලියේ සිට පැමිණියා කිව්ව නම් අපි ඔහුව අනෙක් රෝගීන් ගෙන් වෙන් කරනවා. ඔහු ඇතුලත් කරලා තිබුනේ සාමාන්‍ය වාට්ටුවකට. මේ රෝගියා අඩුම වශයෙන් රෝහල් ගත වුනාට පස්සේ හරි අපිට කිව්ව නම් අපි අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. නමුත් ඔහුගේ ආත්මාර්ථකාමී ක්‍රියාව නිසා අද රෝහල් කාර්ය මණ්ඩලය විතරක් නෙමෙයි ප්‍රතිකාර ගන්න ආපුගොඩක් දෙනෙක් වෛරසයට ලක්වීමේ අවධානමට ලක් වෙලා" රෝහල් අධ්‍යක්ෂක ෂෙල්ටන් පෙරේරා කියා සිටියා.

views

881 Views

Comments

arrow-up