කොරෝනා ආසාධිතයින් වැඩි පිරිසක් ගම්පහෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
20

කොරෝනා ආසාධිතයින් වැඩි පිරිසක් ගම්පහෙන්

කොරෝනා ආසාධිතයින් වැඩි පිරිසක් ගම්පහෙන්

දැනට මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් අතරින් වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

 

එම දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් ප‍්‍රමාණය 18කි.

 

කොළඹ දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12ක් ලෙසද රෝගීන් වාර්තා වී ඇත.

 

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වෙයි.

 

රත්නපුරෙන් තහවුරු කරගෙන ඇති රෝගීන් ගණන තිදෙනෙකි.

 

ගාල්ල, කෑගල්ල, මඩකලපුව සහ මාතර දිස්ත්‍රික්ක වලින් එක රෝගියකු බැගින් ද තහවුරුකරගෙන ඇත.

 

කොරෝනා යැයි තහවුරු වූ තිදෙනෙක් විදේශීය ජාතිකයෝය.

 

මෙම ව්‍යාප්තියට අදාල තොරතුරු සකස් කර ඇත්තේ රෝගීන් පදිංචි දිස්ත්‍රික්ක අනුව වන අතර රෝගීන් සොයාගත් දිස්ත්‍රික්ක නොවන බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

 

දිනකට තහවුරු කෙරුණු රෝගීන් සංඛ්‍යාව අනුව 

 

මෙරට ⁣කොරෝනා රෝගීන් වැඩි වූ ආකාරය

 

 

මෙරටින් හමුවූ රෝගීන් ගැන සංඛ්‍යාත්මක දත්ත විමසුම(අද නිකුත් කළ දත්ත අනුව)

වයස අනුව

 

වයස අනුව බැලූ කල කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස 41ත් 50ත් අතර පුද්ගලයෝ වෙති.එය 45.20%කි. වයස 61-70 අතර තහවුරු කරන ලද රෝගීන්ගේ ප්‍රතිශතය 9.5කි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන්ට රෝගය වැළදී නැත. 

 

සෞඛ්‍ය අමාත්‍යාංශය අද(20) සහ ඊයේ(19)දුන් දත්තවල වයස අවුරුදු 71ට වැඩි රෝගීන් නොමැති බව සඳහන් වුවත් 16 වැනිදා ගාල්ලෙන් සොයාගත් රෝගියාගේ වයස 73ක් බව එදින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන් විය.

 

 

සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ වාර්තා අනුව 

 

11 – 20 yrs - 7.10%

21 – 30 yrs - 9.50%

31 – 40 yrs - 16.70%

41 – 50 yrs - 45.20%

51 – 60 yrs - 9.50%

61 – 70 yrs - 9.50%

71 – 80 yrs - 0.00%

81 – 90 yrs - 0.00%

 

 

රටවල් අනුව වැඩි ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ ජාතිකයන් අතරින් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 94.3කි.

 

චීන,ඉන්දියානු සහ ප්‍රංශ ජාතිකයන් එක් පුද්ගලයකු බැගින් කොරෝනා ආසාදිත ලෙසට තහවුරු විය.ප්‍රතිශතයක් ලෙසට 1.9% බැගිනි.

 

ස්ත්‍රී-පුරුෂ අනුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පිරිමි රෝගීන්ය.එය ප්‍රතිශතයක් වශයෙන් 81%කි. ආසාදිත ස්ත්‍රී ප්‍රතිශතය 19%කි.

 

 

views

1372 Views

Comments

arrow-up