කෝටි ගණනක් වියදම් කර ජනාධිපතිවරයෙක් පත්කරගන්තේ මෙවැනි විහිලු කතා අහන්න නොවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

කෝටි ගණනක් වියදම් කර ජනාධිපතිවරයෙක් පත්කරගන්තේ මෙවැනි විහිලු කතා අහන්න නොවෙයි

කෝටි ගණනක් වියදම් කර ජනාධිපතිවරයෙක් පත්කරගන්තේ මෙවැනි විහිලු කතා අහන්න නොවෙයි

මේ වන විට ලංකාවේ ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ දකුණේ ජනතාවට හිටපු ආමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම හා උතුරේ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොමැති වීමත් රටට වෙනත් කිසිදු ප්‍රශ්නයක් නොමැති වීම ගැන කනගාටුවට කරුණක් බවට ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

 

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) දින යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී සුරෙස් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩි දුරටත් පවසා සිටියේ,

 

‘රටේ ජනතාවගේ රුපියල් කෝටි ගණනක් මුදල් වියදම් කරමින් රටට ජනාධිපතිවරයෙක් පත්කරගන්නා ලද්දේ මෙවැනි විහිලු කතා ඇසීමටවත් දැකීමටවත් නොවන බව සියලු දෙනා තේරුමගත යුතුයි

 

උදාහරනයක් වශයෙන් ශ්‍රීලංකාව ගැන කිසිවක් නොදන්න විදේසිකයෙකු ලංකාවේ පලවන ප්‍රවෘති නැරඹුවහොත් ශ්‍රීලංකාවට ඇති ප්‍රධානම ප්‍රශ්ණ දෙක වී ඇත්තේ රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමත් දෙමළ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවස්ථාවක් නොමැති වීමත් යන කාරනා දෙක පිළිබඳව පමණක් බවයි.

 

නමුත් රටේ ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න දහසකුත් දේ ඇති බවටත් අඩුම වශයෙන් ජනාධිපති වරයා හෝ එය තේරුම්ගත යුතු අතර සිංහල ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න මෙන්ම දෙමළ ජනතාවටද විසඳාගත යුතු ප්‍රශ්න රාශියක් තිබෙනා බැවින් එම ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් පසුගිය රජයෙන් නිශ්ඵල අවුරුදු පහක් ගෙව්වා සේ වත්මන් රජයටද එවැනි ඉරණමක් අත්විඳීමට සිදුවනු ඇති බවටත්ය.

views

817 Views

Comments

arrow-up