රාජාංගනයේ තවත් 4කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

රාජාංගනයේ තවත් 4කට කොරෝනා

රාජාංගනයේ තවත් 4කට කොරෝනා

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

රාජාංගනය ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2515 දක්වා ඉහළ යන බවය.

 

ඊයේ (11) දිනයේදී කොවිඩ්-19 රෝගය වැළඳුනු පුද්ගලයින් 57 දෙනෙකු හඳුනාගැණුනු අතර අද උදෑසන තවත් සිව්දෙනෙකු හඳුනාගත් බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ.

 

ඒ අනුව රාජාංගනය ප්‍රදේශයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

මේ අතර කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

 

මේ අතර අද පස්වරුව වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගැණුනු කොවිඩ්-19 රෝගීන් සහ ඔවුන්ගේ ආසාදිතයින් පිළිබඳ සියලු තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

 

views

612 Views

Comments

arrow-up