කහතිත් පළගැටියා රට පුරා යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

කහතිත් පළගැටියා රට පුරා යයි

කහතිත් පළගැටියා රට පුරා යයි

මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි උවදුර අද දිනයේ මීරිගම සහ බෙලිඅත්ත ප්‍රදේශවලින් ද වාර්තා වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි ව්‍යාප්ති අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජගත් සුදසිංහ සඳහන් කළේ, පලගැටි ගහනය පාලනය සඳහා මේ වනවිට කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

 

මෙම පලගැටි විශේෂය කාන්තාර පලගැටි විශේෂය නොවන බව ද ඔහු අවධාරණය කළා.

 

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කොට්ඨාස තුනක පළගැටි උවඳුර ව්‍යාප්ත වෙමින් පවතියි.

 

කෑගල්ල දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එම් එල් රාජපක්ෂ මහත්මිය පවසන්නේ, කහතිත් පළගැටියා නමින් මෙම සත්ව විශේෂය හැඳින්වෙන බවයි.

 

පොල් සහ රබර් වගාවන් ආශ්‍රිත පලෑටිවල මොවුන් බහුලව දැකිය හැකියි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අබේපුස්ස, බැමිණියාවත්ත, එළිවල යන ගොවිජන සේවා කොට්ඨාසවල පළගැටි විශේෂය ව්‍යාප්තව ඇති බවට හඳුනාගෙන තිබේ. මදුරුපිටිය ප්‍රදේශයෙන් ද මෙම පළගැටියන් හඳුනාගෙන තිබෙනවා.

 

ප්‍රදේශයේ ගොවීන්ගේ දැනුවත් කිරීමෙන් පසු ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් අද එම ප්‍රදේශය පරීක්ෂා කළා.

 

ව්‍යාප්ති අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජගත් සුදසිංහ පැවසුවේ, අදාළ පලගැටි ගහනය පිළිබඳව තම ගොවි බිම්වලින් වාර්තා වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසයි.

views

852 Views

Comments

arrow-up