නිරෝධායනය වූ කොළඹ යාචකයින්ට වෘත්තීය පුහුණුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
27

නිරෝධායනය වූ කොළඹ යාචකයින්ට වෘත්තීය පුහුණුව

නිරෝධායනය වූ කොළඹ යාචකයින්ට වෘත්තීය පුහුණුව

පිටකොටුව බස් නැවතුම්පොල ආශ්‍රිතව සහ ඒ අවට සිටියදී පොලිස් භාරයට ගත් යාචකයන් 60 දෙනෙකු වීරවිල රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කරනු ලැබුවා.

 

පසුගිය ඇඳිරි නීති කාලසීමාව තුළ පොලිස් භාරයට ගත් යාචකයින් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

 

ඔවුන් මෙලෙස අනාරක්ෂිත ලෙස සැරිසරමින් සිටියේ ජිවත් වීම සඳහා ස්ථිර වාසස්ථාන හෝ ආදායම් මාර්ග නොමැතිවීම හේතුවෙන් බව පොලීසිය මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවා.

 

එම කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පිරිස වීරවිල රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකරන ලෙස නියෝග කරනු ලැබුවා.

 

එම යාචකයින් අතරින් වයෝවෘද්ධ පුද්ගලයින් හැර සෙසු පිරිස සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට ද කටයුතු කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

 

මේ අතර,මැයි 30 සහ ජුනි 13 වන සෙනසුරාදා දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු විභාග කිරීමට තීරණය කර තිබෙනවා.

 

ඒ, ඇඳිරි නීති සමය හේතුවෙන් කැඳවීමට නොහැකි වූ නඩු කැඳවීම සඳහා දින නියම කිරීමටයි.

views

742 Views

Comments

arrow-up