මහ වැස්සෙන් සිදු විය හැකි ආපදාවකට සුදානම් වන්න - ජනතාවට අනතුරු ඇඟවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
27

මහ වැස්සෙන් සිදු විය හැකි ආපදාවකට සුදානම් වන්න - ජනතාවට අනතුරු ඇඟවේ

මහ වැස්සෙන් සිදු විය හැකි ආපදාවකට සුදානම් වන්න - ජනතාවට අනතුරු ඇඟවේ

මහ වැසි සමග ඇති විය හැකි ආපදා වලක්වා ගැනීම සඳහාත්, ආපදා ඇති වුවහොත් විපතට පත්වන්නන් බේරා ගැනිමට සහ සහන සැලසිම සඳහාත් සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

 

පිරිස් අවතැන් වුවහොත් එම අවස්ථා කළමනාකරණය සඳහාද සැලසුම් සකස් කර ඇතැයි මෙහිදී  ප‍්‍රකාශ කෙරුණා. 

 

මේ අතර රටපුරා බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දින කිහිපයදී තවදුරටත් වැසි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

 

වරින්වර ඇති විය හැකි තද සුළං සහ අකුණු ගැසීම් පිළිබඳවද මහජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව මෙහිදී සිහිපත් කෙරුණා. 

 

මේ අතර පුද්ගලයින් 10,000ක් පමණ මේ වන විට ජීවත් වන්නේ නායයෑම් අධි අවධානම් කලාපවල බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසනවා. 

 

ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය අද පෙරවරුවේ නිවේදනය කළේ දිස්ත‍්‍රික්ක 7ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවකට නායයාම් සහ පස් කඳු කඩා වැටීම පිළිබඳ අවධානමක් පවතින බවයි. 

 

රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කළුතර එම අවධානම් දිස්ත‍්‍රික්ක වනවා. 

views

867 Views

Comments

arrow-up