පෘථිවියේ සීතලම මහද්වීපය ඇන්ටාක්ටිකාවේ ඉහළම උෂ්ණත්වය සටහන් වෙයි – ග්ලැසියර් දියවීම වේගවත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

පෘථිවියේ සීතලම මහද්වීපය ඇන්ටාක්ටිකාවේ ඉහළම උෂ්ණත්වය සටහන් වෙයි – ග්ලැසියර් දියවීම වේගවත්

පෘථිවියේ සීතලම මහද්වීපය ඇන්ටාක්ටිකාවේ ඉහළම උෂ්ණත්වය සටහන් වෙයි – ග්ලැසියර් දියවීම වේගවත්

පෘථිවියේ සීතලම, සුළං සහිත හා වියලි මහාද්වීපය වන ඇන්ටාක්ටිකාව පසුගිය දා වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් වාර්තා කළ අතර එය ගෝලීය උනුසුම් වීමේ ප්‍රවණතාව අවධාරණය කරයි.

 

ආර්ජන්ටිනාවේ ජාතික කාලගුණ විද්‍යා සේවයට අනුව, ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ උතුරු කෙළවරේ පිහිටි එස්පෙරන්සා ප්‍රදේශය, ෆැරන්නයිට් අංශක 64.9 ක් හෙවත් සෙල්සියස් අංශක 18.2 ක් කරා ළඟා වුණා. 1961 න් පසු වාර්තා උෂ්ණත්වය අගය බිද දමමින් මෙම අගය වාර්තා වී තිබුණා.

 

ග්‍රීෂ්ම සෘතුව වන එස්පෙරන්සා හි උෂ්ණත්වය ලොස් ඇන්ජලීස් සහ ඇලන්හි හන්ට්ස්විල් හි කාලගුණය හා සැසඳිය හැකි බව ආර්ජන්ටිනාවේ ජාතික කාලගුණ සේවය පවසයි.

 

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ කමිටුවක් වන කාලගුණ හා දේශගුණික විපර්යාස ලේඛනාගාරය මෙම උෂ්ණත්වය තහවුරු කරන බව එම සංවිධානය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

 

සංවිධානයේ නිලධාරියෙකු වන රැන්ඩල් සර්වේනි පැවසුවේ, අප මෙතෙක් දැක ඇති සෑම දෙයක්ම නීත්‍යානුකූල වාර්තාවක් වන බවයි.

 

මහාද්වීපයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඇන්ටාක්ටික් වෙරළ තීරයේ සෙල්සියස් අංශක 14 දක්වා, අභ්‍යන්තරයේ ඉහළ උන්නතාංශවල සෙල්සියස් අංශක සෘණ 76 ක් දක්වා අඩු වන බව කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.

 

සැතපුම් තුනකට ආසන්න සෘනකමකින් යුත් එහි අයිස් තට්ටුවේ ලෝකයේ මිරිදිය ජලයෙන් සියයට 90 ක් අඩංගු වනවා.

 

ඉහළ උෂ්ණත්වය පෘථිවියේ සමස්ත උනුසුම් ප්‍රවණතාවයට අනුකූල වන අතර එය හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් විශාල වශයෙන් සිදු වන බවයි විද්‍යාඥයින් සදහන් කරන්නේ.

views

1235 Views

Comments

arrow-up