ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබේ
1949 ජුනි මස 20 වනදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වේ.
යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය.
අනතුරුව ආරක්ෂක ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන ලේකම් ධුරය ද දරමින් යුද්ධයෙන් පසුව නාගරික අලංකරණය සහ නාගරික සංවර්ධනය සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙමින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණි.
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 8වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වුණි.
659 Views
Comments