“බොරු චෝදනා කරන දේශපාලඥයින්ව පාර්ලිමේන්තු යවන්න එපා” – මාලිංග (VIDEO)

හිටපු ක්‍රීඩා අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් සිදු කරන චෝදනාව කල් නොගෙන ඔප්පු කළ යුතුව ඇති බව ලසිත් මාලිංග මහතා පවසනවා.
ෆේස්බුක් සජීවී වීඩියෝවක් හරහා අදහස් දක්වමින් එම මහතා කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් 2011 ලෝක කුසලාන තරඟාවලියේදී මුදලට තරඟ පාවා දුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විශාල චෝදානාවක් එල්ල කර ඇති බවත් ඊට අදාල සියළුම කරුණු අමාත්‍යයවරයා දන්නා බව පවසන බැවින් එය ඔප්පු කිරීමට විශාල කාලයක් ගතවීමට හේතුවක් නොමැති බවත් ය.
එසේ කිරීමට අමාත්‍යයවරයා අපොහොසත් වන්නේ නම් එවැනි බොරු චෝදානා නගන පුද්ගලයන් යලිත් පාර්ලිමේන්තුවට නොයැවීමට ජනතාව විසින් කටයුතු කළ යුතුව ඇතැයි එම මහතා පෙන්වා දෙනවා.
2011 ලෝක කුසලාන අවසන් තරගයේදී ඇත්තටම මොකද වුණේ..? මාලිංගගේ හෙළිදරව්ව2011 ලෝක කුසලාන අවසන් තරගයේදී ඇත්තටම මොකද වුණේ..? මාලිංගගේ හෙළිදරව්ව #Sports1st
Posted by Sports1st on Friday, June 19, 2020
945 Views
Comments