විමල්ගේ පුටුවට ලක්ෂ 6යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

විමල්ගේ පුටුවට ලක්ෂ 6යි

විමල්ගේ පුටුවට ලක්ෂ 6යි

රටේ ඇමතිවරුන් මාරු වනවිට ඇමතිවරුන්ගේ පුටු පවා මාරු කෙරෙන බව පැවසූ ඒ මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාට අසුන් ගැනීම සඳහා අලුතින් මිලදී ගෙන ඇති පුටුවේ මිල රුපියල් ලක්ෂ හයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

 

 

"රටේ සල්ලි ප්‍රශ්නයක් නෑ, සල්ලි නාස්ති කිරිල්ල හොරකම් කිරිල්ල නැත්නම් මේ රට හදන්න පුළුවන්. දැන් කෝටි 278ක්, ඇමතිවරු ගිය ආණ්ඩුවෙ වාහන අරගත්තා කියනවානෙ. රථගාය කියලා ලෙඩක් තියෙනවානෙ. කලින් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරපු වාහනේ අලුත් ආණ්ඩුවේ ඇමතිට පාවිච්චි කරන්න බෑ. එයාලට ගැලපෙන්නෙ නෑ. මදි. ඒකට අපි දැන් සීඅයිඩී එකට ගිහිල්ලා තියෙනවා. මේ රට නාස්ති කරන්නෙ ඔහොමයි. 

 

 

වාහනේ විතරක් නෙවෙයි, අමාත්‍යාංශෙ මාරු වෙනකොට ඇමතිගේ පුටුවත් මාරු වෙනවා, හරිද ? විමල් වීරවංශට වාඩි වෙන්න පුටුවක් අරං තියෙනවා, ලක්ෂ හයයි ! ජනතාව මේවා ප්‍රතික්ෂේප කරන්න ඕනේ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 
 

views

673 Views

Comments

arrow-up