කොරෝනා සඳහා නව එන්නතක් සොයාගන්න තවත් වසරක කාලයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

කොරෝනා සඳහා නව එන්නතක් සොයාගන්න තවත් වසරක කාලයක්

කොරෝනා සඳහා නව එන්නතක් සොයාගන්න තවත් වසරක කාලයක්

නව කොරෝනා වෛරසය සඳහා වන ප්‍රති ජිවක ඖෂධය එළඹෙන වසරේ මුල් කාල සීමාව තුලදී නිපදවා අවසන් කිරිමට හැකි වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.

 


ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ශ්ලේෂ්මල ආසාදන හා ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් වන ඒකකයේ ප්‍රධානි Robin Shattock සඳහන් කර සිටියේ නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඖෂධයක් සෙවීම සඳහා පරීක්ෂණ සිදුකරනු ලබන සියලු විද්‍යාඥයින් සමග තමන් තොරතුරු සහ දත්ත හුවමාරු කර ගනිමින් සිටින බවයි.

 


"මෙය කාලයක් ගතවෙන වැඩක්. වෛරසයෙන් ආරක්ෂා වීමට යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදීමයි සිදුකළ යුතු මුලික දේ වන්නේ. මුඛ ආවරණ පැලදීමෙන් පමණක් වෛරසයෙන් බේරෙන්න බැහැ" ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ශ්ලේෂ්මල ආසාදන හා ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් වන ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.

 


මේ අතර නව කොරෝනා වෛරසය වැළදීමෙන් ජිවිතක්ෂයට පත්වූ පිරිස 724 ක් බව චීන බලධාරින් සඳහන් කරනවා. එක් දිනක් තුලදී වෛරසය වැළදීමෙන් ජිවිතක්ෂයට පත්වූ වැඩිම පිරිස ඊයේ දිනයේදී වාර්තා වුනා. ඒ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 86ක් බවයි.

 


මේ වන විට වෛරසය ආසාධනය වූ පිරිස 34,400 ක් වන අතර ඉන් 6000 කට අධික පිරිසක් ආසාධ්‍ය මට්ටමේ පසුවන බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.
දැනට වාර්තා වන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව මෙන් දස ගුණයක් ලොවපුරා විසිරි සිටින බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් අනතුරු අඟවා සිටිනවා.

 

views

651 Views

Comments

arrow-up