මන්ත්‍රීන්ගේ වාචික ප්‍රශ්ණ වලට අගමැති පිළිතුරු දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

මන්ත්‍රීන්ගේ වාචික ප්‍රශ්ණ වලට අගමැති පිළිතුරු දෙයි

මන්ත්‍රීන්ගේ වාචික ප්‍රශ්ණ වලට අගමැති පිළිතුරු දෙයි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන්ගේ වාචික ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අද (05දා) සිදුකිරීමට නියමිතව ඇත.

 


අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මන්ත‍්‍රීවරුන්ගේ වාචික ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන පළමු අවස්ථාව මෙය වේ.

 


මේ සඳහා අද පස්වරු 01.00 සිට පස්වරු 01.30 දක්වා කාලය වෙන් කර ඇත.
මේ අතර මෝටර් වාහන පනත යටතේ වන නියෝග සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ද අද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

 


අද පස්වරු 06.30 සිට පස්වරු 07.30 දක්වා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන කල් තැබීමේ විවාදය ද පැවැත්වීමට නියමිත අතර සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයකු වන සමන් රත්නප‍්‍රිය සිල්වා මහතා ද අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය.

 


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයම්පති වික‍්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධුරයට සමන් රත්නප‍්‍රිය සිල්වා මහතා පත්කරන ලෙස, එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

 


මෙම පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

 

views

660 Views

Comments

arrow-up