20 වැනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ.
එය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4 ක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඉන් වගන්ති දෙකක් කාරක සභා අවස්ථාවේ යෝජනා කර ඇති සංශෝධන අනුව අනුමත කරන්නේ නම් තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බව අධිකරණ තීරණයේ සඳහන් ය.
තව ත් වගන්තියකට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන සිදු කරන්නේ නම් තුනෙන් දෙක පමණක් ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුවට දන්වා තිබේ.
713 Views
Comments