මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකු මාස 04කට පසු කොරෝනා

මිට මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හෙලිවීමේ පුවතක් රත්නපුර, කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම පුද්ගලයා යළි විදේශ ගතවීම සඳහා ඊට පෙර සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පුද්ගලයාගේ සමිපතයින් ගේ නිවෙස් සහ ඔහු ආ ගිය වෙළෙද සැල් ඇතුළු ස්ථාන 12ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත.
මාලදිවයිනේ සිට පැමිණීමෙන් පසු මෙම පුද්ගලයා මෙරටට පැමිණීමෙන් පසු නිසි පිරිදි නිරෝධායනයට ලක්ව PCR පරීක්ෂණය සිදුකොට එහිදී කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ අයෙක් බවට තහවුරු වී තිබු බවයි මහජන පරීක්ෂකවරු සඳහන් කළේ.
818 Views
Comments