ප්‍රථිකාර ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට දැඩි නීතිමය පියවර - පවිත්‍රා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

ප්‍රථිකාර ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට දැඩි නීතිමය පියවර - පවිත්‍රා

ප්‍රථිකාර ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට දැඩි නීතිමය පියවර  - පවිත්‍රා

ප්‍රථිකාර සේවා සඳහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
 


ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලබන අතර එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

නමුත් ඇතැම් පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වී තිබේ.

 

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රථිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට තමන් රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යවරිය පවසයි.

views

860 Views

Comments

arrow-up