මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000ක් නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000ක් නිරෝධායනයට

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000ක් නිරෝධායනයට

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.


මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

 

ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන්  නිරීක්ෂණය කරමින් සිටින බවයි.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

 

views

1187 Views

Comments

arrow-up