“දුමින්ද සිල්වාගේ අණසක යටතේ තමයි බන්ධනාගාර රෝහල තියෙන්නේ ” – මේජර් අජිත් ප්‍රසන්නගේ බිරිඳ

බන්ධනාගාර රෝහල ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ අණසක යටතේ බවට මේජර් අජිත් ප්‍රසන්නගේ බිරිඳ සුදර්මිකා විජෙරත්න මහත්මිය චෝදනා කර සිටිනවා.
ඒ මහත්මිය පවසා සිටින්නේ බන්ධනාගාර රෝහල දුමින්ද සිල්වාගේ අණසක යටතේ පවතින බවත් ඔහුගේ උවමනාවන්ට අනුව ඇතැම් වෛද්‍යවරුන් කටයුතු කරන බවත් එම රෝහලේ නිලධාරීන් තමන්ට ප්‍රකාශ කළ බවයි.
දුමින්ද සිල්වා අකමැති රෝගීන් බන්ධනාගාර රෝහලෙන් ඉවත් කිරීමට පවා එම වෛද්‍යවරුන් කටයුතු කරන බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලෙස එම බලධාරීන් තමන්ගෙන් ඉල්ලා සිටි බවත් වැඩිදුරටත් ඇය පවසා සිටියි
විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න මහතා පසුගිය ජනවාරි 24 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළේ කොළඹ මහාධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් සහ එම නඩුව විභාග කරන විනිසුරුවරයා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා අපහාසාත්මක ලෙස අදහස් අළ කළේයැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන්.
846 Views
Comments