පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කෙරේ

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කෙරේ

දිවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහය ලබාගැනීමේ අරමුණින් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (2020.07.29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

පුරාවස්තු සංශෝධන පනතේ බලතල ප්‍රකාරව බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  මෙම උපදේශක කමිටුව පත් කළ අතර දිවයිනේ පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස්  ලබාගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබාගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථානීය නිරීක්ෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම මෙම උපදේශක කමිටුව මඟින් අපේක්ෂිතය.

 පත්කරන ලද උපදේශක කමිටුව

පොලොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය වෙඬරුවේ ධර්ම කිර්ති ශ්‍රී රතනපාල උපාලි නා හිමි
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමි
අනුරාධපුරය රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි
පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නා හිමි
අස්ගිරි පාර්ශවයේ බෙලිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන නා හිමි
සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල
පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංග
ආචාර්ය ගාමිණී විජේසූරිය
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා
විද්‍යාජෝති ඉංජිනේරු ගැමුණු සිල්වා
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග
.වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වෝෂ්
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව
ඩබ්.එම්.එස්.වීරසේකර
සිරිනිමල් ලද්දුසිංහ
මහාචාර්ය මුනිදාස පත්මසිරි රණවීර
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය  අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න , බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහත්වරුන් ද සහභාගී වූහ.

 

විජයානන්ද හේරත්

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය  මාධ්‍ය අංශය

views

698 Views

Comments

arrow-up