ලොරි රථයක් ඩෙවන් ඇල්ල ප්‍රපාතයට පෙරෙළෙයි

කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙතඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කල බව දිඹුල පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ඩෙවොන් දිය ඇල්ලට නුදුරු ඩෙවොන් ප්‍රදේශයේදියි.
අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 කක් පමණ ප්‍රපාතයෙන් වු ඩෙවොන් රක්ෂිතයට පෙරලී තිබෙනවා.
මාර්ගයෙන් ඉවතට පැන ඇති ලොරි රථය රක්ෂිතයේ වැවි තිබු ගසක රැදි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය කියා සිටියා.
නුවරඑලියේ සිට කොළඹ දක්වා එලවළු ප්‍රවහනය කර ආපසු නුවරඑලිය දක්වා ධාවනය කරමින් සිටින අතුරතුර මෙම අනතුර සිදු වි ඇති බව දිඹුල පොලිසිය කියා සිටියි.
අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථයේ රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි දිඹුල පොලිසිය සදහන් කළා.
712 Views
Comments