සහරාන්ගේ සාමාජිකයකු ජීවිතක්ෂයට

කොළඹ බන්ධනාගාරයේදී කාත්තාන්කුඩිහි තරුණයකු ජිවිතක්ෂයට පත්වි ඇති බවට කාත්තාන්කුඩි පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා.
කාත්තාන්කුඩි 1 හි නූර් මුහම්මද් පටුමගෙහි ජෙයිනුලාබ්දීන් මුහම්මද් ජෙසීල් (18) මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවනවා.
පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු සහරාන් කණ්ඩායමේ සැකකරුවෙකු ලෙස මෙම තරුණයා අත්අඩංගුවට ගෙන කොළඹ රඳවා තිබුණා.
මොහු ජීවිතක්ෂයට පත්වු බවට කාත්තාන්කුඩි පොලිසිය මගින් අදාල තරුණයාගේ නිවසට දැනුම් දී තිබෙනවා.
මොහුගේ සොහොයුරාද සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තාවන්නේ.
842 Views
Comments