විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සීමා කරයි

කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් විදෙස් රටවල විවිධ දුෂ්කරතාවලට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදුව ඇති බව කොවිඩ් 19 වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊට හේතුව වී ඇත්තේ දැනට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතර කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් බහුල වීමයි.
එකවර ආසාදිතයන් රැසක් රටතුළට පැමිණීම අවදානම් සහගත බවත්, ඒ හේතුවෙන් නැවතත් වෛරසය සමාජගත වීමේ අවදානමක් මතුවන බවත් යුද හමුදාපතිවරයා පවසයි.
ඒ අනුව එක් දිනකට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානා එකක් පමණක් රට තුළට ගෙන්වා ගැනීමට තීරණය කර ඇති අතර යුද හමුදාපතිවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඕනෑම අවස්ථාවක නැවත වෛරසය සමාජගත වීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අද නැවතත් අවධාරණය කළ අතර යුද හමුදාපතිවරයාද පවසන්නේ ජනතාව තවදුරටත් නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වෛරසය පාලනය කිරීම සඳහා සහාය දැක්විය යුතු බවයි. කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවයි ඔහු පෙන්වා දෙයි.
882 Views
Comments