චොකා පාර්ලිමේන්තු යාම ජාත්‍යන්තරය වාර්තා කළ අයුරු (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

චොකා පාර්ලිමේන්තු යාම ජාත්‍යන්තරය වාර්තා කළ අයුරු (PHOTOS)

චොකා පාර්ලිමේන්තු යාම ජාත්‍යන්තරය වාර්තා කළ අයුරු (PHOTOS)

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට ජූලි 31 දින මරණ දඬුවම නියම කෙරුනේ 2015 ජනාධිපතිවරණ සමයේ රැස්වීමකට සූදානම් වෙමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට මාරාන්තික ලෙස තුවාල කිරීම සම්බන්ධයෙන්.
ඔහුට මෙවර පැවති මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂයක්ද ඉක්මවා (142,037) හිමි විය.
මරණ දඬුවම නියම වී සිටින අදාල ප්‍රේමලාල් මහතාට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය පසුගිය 7 වනදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
මිනීමැරුම් චෝදනාවකට වැරදිකරුව මරණ දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළකිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලුපටි පැළඳ අද දින පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි
ඒ අනුව ඊයේ (08) දිනදී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළකිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලුපටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර විපක්ෂයේ විරෝධතා මැද ඔහු කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී දිවුරුම් දෙන ලදි.
මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී ඇති පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර තිබුණේ මේ අයුරින්

 

 

 

 

 

 

 

 

 

views

894 Views

Comments

arrow-up