රතු බස් කහ වෙයි

පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන සියලුම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ කහ පැහැයෙන් වර්ණාලේප කර තිබෙනවා.
ඒ, පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා ජූලි මාසයේදී කරන ලද යෝජනාවකට අනුවයි.
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ යෙදී සිටින සියලුම පෞද්ගලික වාහන ද යෝජනාවට අනුව ක්‍රමයෙන් කහ පැහැයෙන් වර්ණාලේප කිරීමට නියමිතයි.
ඒ හා සම්බන්ධ සියලුම බස් හා වෑන් රථ කහ පැහැයෙන් වර්ණාලේප කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දීමෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.
ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන සියලුම බස් හා වෑන් රථ කහ පැහැයෙන් වර්ණාලේප කිරීම අනිවාර්ය බවයි.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවලට ඇති තර්ජනය සහ ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම පිළිබඳව අදාළ සංගම්වල සහ පොලිසියේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළව ඇතැයි සඳහන්.
977 Views
Comments