වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස දැල් වැටක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස දැල් වැටක්

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස දැල් වැටක්

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් දැල් ආවරණයක් යෙදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

 

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට යාබද තාප්පයේ මෙම ආරක්ෂිත ඉදිකිරීම සිදුකිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.


තාප්පයට ඉහළින් මත්කුඩු, ජංගම දුරකථන ඇතුලු තහනම් භාණ්ඩ සිරකරුවන් වෙත ලබාදීමේ තත්ත්වය වැළැක්වීම මෙහි අරමුණයි.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරය වටා ඇති තාප්පයට ඉහළින් නීති විරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර සිරකරුවන් වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය බොහෝ කලක සිට සිදුවන බවට හදුනාගෙන ඇති බවයි.

 

ඒ අනුව අඩි 15 පමණ උසකින් යුතු නව ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

 

views

728 Views

Comments

arrow-up