මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ තාත්තලා පුතාලා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල සමග දැකගත හැකි වූ සුවිශේෂීතාවක් වූයේ පාර්ලිමේන්තුවට පිය පුතුන් කිහිපදෙනෙකුම සුදුසුකම් ලබා ඇති බවයි.
මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ පියපුතු යුගළ 4 ක් නව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූහ.
ඔවුන් දෙදෙනාම අදාල දිස්ත්‍රික්කවල පළමු තැනට පැමිණියහ.
චමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරි පත්වෙද්දී ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මොණරාගල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළේය.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ දිස්ත්‍රික්කයෙන් තරග කර ජයගත්හ.
කොළඹ ජයගත් දිනේෂ් ගුණවර්ධනගේ පුත් ඉංජිනේරුවෙකු වන යදාමිණි ගුණවර්ධන මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කර ඇත.
720 Views
Comments