වැලිකන්දෙන්-හබරාදූවෙන්-රාජාංගනයෙන් හා ලංකාපුරයෙන් ආසාදිතයින් හමුවේ

තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ් අතරින් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රදේශයෙනුත්, අනෙක් තිදෙනා හබරාදූව, රාජාංගනය, හා ලංකාපුර යන ප්‍රදේශවලිනුත් වාර්තා වී ඇත.
අදාළ පුද්ගලයින් පස් දෙනාම කන්දනාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට හා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද හඳුනාගැණුනි.
ඊයේ (10) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 300ක් වන අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ.
ඒ අතරට අලුතින්ම එක් වූයේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථායකයෙකු ලෙස සේවය කළ රැඳවියෙකු වන අතර ඔහු වැලිකඩ පළමු ආසාදිතයා ළඟින් ඇසුරු කළ අයෙකි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලයේ 600 දෙනා අතරින් 479ක පිරිසක් PCR පරීක්ෂණවලට ලක්කෙරුණි.
ඒ අතරින් 342 දෙදෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ තවදුරටත් ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකරන බවය.
849 Views
Comments