මුරලිගේ සොහොයුරාත් පොහොට්ටුවෙන් මහමැතිවරණයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට සහය දැක්විම පිණිස මෙවර මහමැතිවරණයේදි තමන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතා පවසයි.
නොර්වුඩ් ප්‍රදේශයේ බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේළියක් ගිනි ගැනිමෙන් අවතැන් වුවන් සඳහා නිවසට අවශ්‍යය උපකරණ ලබාදිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම තම පියා මස්කෙලිය ප්‍රදේශයේ උපන් අයෙකු බවත්, වතුකරයේ ජනතාවගේ දුක හොදින් අදුනන අයෙකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක් වී වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහළ නැංවිමේ අපෙක්ෂාවෙන් තමන් මෙලෙස මහමැතිවරණයට පෙනි සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
635 Views
Comments