සයින්දමරුදු නගරසභාවක් කළේ ජනතාවගේ ඉල්ලීමට බව රජය කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

සයින්දමරුදු නගරසභාවක් කළේ ජනතාවගේ ඉල්ලීමට බව රජය කියයි

සයින්දමරුදු නගරසභාවක් කළේ ජනතාවගේ ඉල්ලීමට බව රජය කියයි

සයින්දමරුදු නගරසභාවක් ලෙස ප්‍රකාශයට පත් කළේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම අනුව බව රජය කියයි. ග්‍රාමසේවා වසම් 34 ක් එකම පළාත් පාලන ආයතනයක් යටතේ පැවරීමෙන් ජනතා ගැටළුවලට විසදුම් සෙවීම ප්‍රමාද වුණා. ඒ අනුවයි සයින්දමරුදු නගර සභාව ස්ථාපනය කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කළේ.

 

කල්මුණේ මහ නගර සභාවට ග්‍රාම නිලධාරී කොට්ඨාස 34 ක් ඇතුළත් වුණා. ඒ කල්මුණේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි වසම් 17 ක් හා සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 17ක් ලෙසයි. කල්මුණේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මුළු ජනගහණය තුන්ලක්‍ෂ අසූතුන්දහස් නවසිය විසිතුනක් වන අතර ඉන් දෙලක්‍ෂ හැටඅටදහස් පනස් අටක්ම වන්නේ මුස්ලිම් ජනතාවයි. ඒ අනුව සමස්තයක් ලෙස වැඩි වශයෙන් මුස්ලිම් ජාතිකයන් සිටින සයින්දමරුදු ප්‍රදේශයේ පරිපාලන කටයුතු වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබා දී තිබුණා.

 

මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ සයින්දමරුදු ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වූපොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටියේ සයින්දමරුදු හා කල්මුණේ පරිපාලන සිමාවන් පිළිබඳ පැවති ගැටලු නිරාකරණය කර දෙන ලෙසයි.

 

මහනගර සභා ආඥා පනත යටතේ 284 වගන්තිය ප්‍රකාරව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස ස්ථාපනය කිරීමට රජය පියවර ගත්තා. ඒ අනුව කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරී වසම් 17 කල්මුණේ මහ නගර සභාව ලෙස ද සයින්දමරුදු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වු ග්‍රාම නිලධාරී වසම් 17 සයින්දමරුදු නගර සභාව ලෙස ද නම්කර තිබෙනවා. එහි නිල කාලය 2022 වසරේ මාර්තු 20 වන දින සිට ක්‍රියාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

 

සයින්දමරුදු ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම තුළින් සියලු අනවසර ඉදිකිරීම් එනම් මුඩුක්කු නිවාස,අනවසර පාසල්, ආගමික ස්ථාන මුවාවෙන් සිදුකෙරෙන අනවසර ත්‍රස්තවාදී කටයුතු සියල්ල වැළැක්වීමට මධ්‍යම රජයට බලතල හිමිවනු ඇති. එමගින් ආගමික අන්තවාදයන්ට එරෙහිව රජයට හා ආරක්‍ෂක අංශවලට සෘජුවම කටයුතු කිරීමට ද අවස්ථාව හිමිවනවා.

views

649 Views

Comments

arrow-up