රෝගීන් හඳුනා ගැනීමට PCR පරීක්ෂණ වැඩි කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

රෝගීන් හඳුනා ගැනීමට PCR පරීක්ෂණ වැඩි කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

රෝගීන් හඳුනා ගැනීමට PCR පරීක්ෂණ වැඩි කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්ව වෙත අද උපදෙස් ලබා දෙනු ලැබුවා.

 

අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබෙන අතර ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නියම කර ඇත.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් සමග එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියා.

 

කොවිඩ් මර්දනයට රජය දී තිබූ උපදෙස් පිළිපැදීම කාලයත් සමග ජනතාවගෙන් ගිලිහීයාම රෝගය ආසාදනයට මූලිකම හේතුව බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.

 

කොවිඩ් වසංගතය ලෝකයේ සෙසු රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. ඒ පිළිබඳව වාර්තා කළද ජනතාව දැනුවත් කිරීමට රට තුළ ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ මාධ්‍ය වෙතින් මගහැරී ගිය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. සාමාන්‍ය පරිදි කොවිඩ් වසංගතය පවතින බව ජනතාවට ද අමතක වූ බව ජනාධිපතිතුමා කියා සිටී.

 

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මෙන්ම ආයතනවලද අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් විශාල පිරිසක් සේවය කරන ආයතනවල PCR පරීක්ෂණ අහඹු ලෙස විටින් විට සිදුකරන ලෙස නියම කර ඇත. එහෙත් කර්මාන්තශාලා වෙතින් එය නිසි ලෙස සිදු වී නොමැති බව පෙනි යන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටීයේ.

 

පවතින තත්ත්වය අවබෝධ කරගෙන යළි එය මර්දනයට සහයවීමට මාධ්‍යට සහ ජනතාවට විශාල වගකීමක් ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේ. මාස දෙකකට පසු කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් හමුවීම පිළිබඳව පුළුල් විමර්ශණයකට ලක් කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

 

පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ විශාල කාර්ය භාරය සිහිපත් කළ ජනාධිපතිතුමා නැවත එම වැඩපිළිවෙළ ප්‍රදේශ මට්ටමින් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම අවධාරණය කර සිටියා. 

 

රෝගීන් හඳුනාගත් ප්‍රදේශවලින් ජනතාව බැහැර යාම වැළැක්වීමට දැනටමත් පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ සෙසු කර්මාන්ත ශාලා සහ ආයතන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරන ලෙසත් පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ආයතන සේවකයන් අහඹු ලෙස පරීක්ෂාවට යොමු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

 

කොවිඩ් මර්දනයට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ලෙස හඳුනාගත් බොහෝ දේ ජනතාව නිසි ලෙස පිළි නොපදින බව පොලිසිය සඳහන් කර සිටියා. පවතින නීති රීති කොවිඩ් මර්දනය ඉලක්ක කර ගනිමින් ගැසට් කිරිමේ අවශ්‍යතාවය ගැනද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

 

ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය මගින් අඛණ්ඩව සිදු කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබු අතර ප්‍රතිශක්තිකරණය වර්ධනයට සහ රෝගය වැළඳුණු පිරිස ඉක්මනින් සුවපත් කිරීමට දේශීය ඖෂධවලට ඇති හැකියාව ගැන ද සාකච්ඡාව කෙරුණා.

views

757 Views

Comments

arrow-up