යුධ හමුදා නිලධාරියාගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

යුධ හමුදා නිලධාරියාගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා

යුධ හමුදා නිලධාරියාගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමීප ආශ්‍රිතයින් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

 

මෙම පුද්ගලයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට ලක් කොට සිටියදී බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

 

අද දිනයේදී වෛරසය ආසාදනය වී ඇති බවට පුද්ගලයින් 06 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඉන් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් දෙදෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.

 

ඒ අනුව අද දින රාත්‍රී 7.00 වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1639 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

 

views

825 Views

Comments

arrow-up