ආසාදිත නාවික හමුදා නිලධාරින් සංඛ්‍යාව 329ක් දක්වා ඉහළට - ඇසුරු කළ තවත් පිරිස් නිරෝධායනයට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා නිලධාරින් සංඛ්‍යාව 329ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඊයේ (04) දිනයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ නාවික හමුදා සෙබළුන් 31ක් දෙනාද ඊට අයත් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.
මේ අතර නාවික හමුදා නිලධාරියෙකුගේ නුවර, කොළඹිස්ස ප්‍රදේශයේ පදිංචි ඥාතියෙක්ටද ඊයේ දිනයේදී කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී ඇත.
එම රෝගියාගේ සමිපතයින් 67 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද දින යොමු කොට තිබෙනවා.
මිට අමතරව කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වූ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 29 දෙනෙක්ද කොලොන්නාව ප්‍රදේශයේ පුද්ගලයින් 27 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 138 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත අද (05) දිනයේදී යොමු කළ බව යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.
මේ වන විට ආරක්ෂක අංශ විසින් පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුල පුද්ගලයින් 4883 දෙනෙක් නිරෝධායනයට ලක් වෙමින් සිටින බව හමුදාපතිවරයා අනාවරණය කර සිටියා.
609 Views
Comments