සැලූන් විවෘත කිරීම සදහා නීති සෞඛ්‍ය අමාත්‍යංශයෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
05

සැලූන් විවෘත කිරීම සදහා නීති සෞඛ්‍ය අමාත්‍යංශයෙන්

සැලූන් විවෘත කිරීම සදහා නීති සෞඛ්‍ය අමාත්‍යංශයෙන්

කොරෝනා වංසගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු රූපලාවාන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා. 

 

 

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සම්පාදනය කිරීමට නියමිත නීති පද්ධතිය ඇතුළත් මාර්ගෝපදේශන සඳහා ප්‍රායෝගික ගැටලු හඳුනා ගනිමින් නව කරුණු එක් කිරීම අරමුණු කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

 

ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්. ඊට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ද එක්ව සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළව නීති සම්පාදනය සඳහා වෙනත් කිසිඳු ආයතනයක් නොවන බැවින් එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම සිදු කරන බවයි. 

 

දෛනික සේවා සැපයීමේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදෙන උපදෙස්වලට අනුව කොණ්ඩා කැපීම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ලබාදීමට කටයුතු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා. 

 

ඒ සඳහා නිසි ඉඩ ප්‍රමාණයක් ද තබා ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපයීමට කටයුතු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා. 

 

ඉදිරියේදී රූපලාවන්‍යාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අදාළව පිළිපැදිය යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශනයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 
 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. 

 

මෙම සාකච්ඡාවට එක්වූ රූපලාවන්‍ය කෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දී ඇත්තේ වතු ආශිත ප්‍රදේශවල කොණ්ඩා කැපීමේ කටයුතු ආරක්ෂිත ක්‍රමවේද නොසලකා සිදු කරන බවයි. 

 

ලක්ෂ 02 කට ආසන්න පිරිසක් මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත වී සිටිනවා. ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සිය සේවාවන් සැපයීමට තමන් කටයුතු කරන බවයි එම සාකච්ඡාවට එක්වූ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ප්‍රකාශ කර ඇත්තේ. එම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

-නෙත්

views

640 Views

Comments

arrow-up