හෙට(31) සිට තැපෑලෙනුත් බෙහෙත් ගෙදරටම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
30

හෙට(31) සිට තැපෑලෙනුත් බෙහෙත් ගෙදරටම

හෙට(31) සිට තැපෑලෙනුත් බෙහෙත් ගෙදරටම

රෝහල් සායනවලට සහභාගි වන රෝගීන්ට නිකුත් කරන ඖෂධ එම රෝගීන්ගේ නිවාසවලටම ගොස් බෙදාහැරීමේ කටයුතු හෙට (31 වැනිදා) සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවැසීය.

 

රෝගියා පරීක්ෂාවකින් ​තොරව සායනික පත්‍රිකාවල වෛද්‍යවරයා නිර්දේශ කරන ලද ඖෂධ මෙලෙස තැපැල් දෙපාර්තමේන්තුවෙන් එම රෝගියාගේ නිවසට ගොස් ලබාදෙන බවත් මේ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකර සමාජ සත්කාරයක් ලෙස සිදුකරන බවත් රුපියල් 75ක මෙහෙයුම් ගාස්තුවක් පමණක් අයකරන බවත් තැපැල්පතිවරයා කීවේය.

 

රෝගීන් සායනවලට ලබාදී ඇති ලිපිනයට ඖෂධ රැගෙන යයි. ලිපිනය වැරදී ඖෂධ නොලැබුණේ නම් අදාළ රෝහලට දුරකථන ඇමැතුමක් ලබාදී නිවැරදි ලිපිනය ලබාදිය හැකිය.

 

ඖෂධ රෝහල විසින් පාර්සල් කර රෝගියාගේ නම, ලිපිනය, දුරකථන අංකය සටහන් කර තැපැල් කාර්යාලවලට ලබාදෙන බවද එම ඖෂධ තැපැල් කාර්යාලවල නිලධාරීන් අදාළ ප්‍රදේශයේ රෝහලට ගොස් ලබාගන්නා බවද තැපැල්පතිවරයා කීවේය.

 

මීට අමතරව රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගන්නා රෝගීන්ට රාජ්‍ය ඔසුසල්වෙත වට්ස්ඇප් මගින් සිය ඖෂධ ඇනවුම් කිරීමට අවස්ථාව සලසා ඇති බවත්, එලෙස ඇනවුම් කරන ලද ඖෂධ තැපැල් කාර්යාල මගින් බෙදාහරින බවත් තැපැල්පතිවරයා පැවැසීය.

 

මෙම ඖෂධ නිවසට ගොස් බෙදාහැරීමේ කටයුතු අද (30 වැනිදා) සිට දිවයින පුරා ආරම්භ කරන බවත් ඒ සඳහා රුපියල් 75.00ක මෙහෙයුම් ගාස්තුවක් අයකරන බවද තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.

views

679 Views

Comments

arrow-up