නොදන්න බෙහෙත් දෙන්න ගිය සජිත්ට දොස්තර විද්‍යූත් තැපෑලෙන් පිළිතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

නොදන්න බෙහෙත් දෙන්න ගිය සජිත්ට දොස්තර විද්‍යූත් තැපෑලෙන් පිළිතුරු

නොදන්න බෙහෙත් දෙන්න ගිය සජිත්ට දොස්තර විද්‍යූත් තැපෑලෙන් පිළිතුරු

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනා රෝගය සඳහා ලබා දෙන ඖෂධ පිළිබඳ ඉතාම වැරදි සහගත කරුණු වීඩියෝවක් මගින් සමාජගත කර ඇතැයි ද එය වහාම නිවැරදි කරන ලෙස ද ඉල්ලා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන ඔහු වෙත ඊමේල් මගින් ලිපියක් යොමු කර තිබේ.

 

මහාචාර්ය චන්න ජයසුමන සජිත් ප්‍රේමදාස වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

 

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.
2020.03.22

 

ගරු මැතිතුමනි,

 

ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිළිබඳ බරපතළ වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 

01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.

 

02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.

 

03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.

 

දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

 

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
MBBS,PhD, FRCP Edin
ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්ය

 

 
ඖෂධ නාම ගැන කියමින් සජිත් ඇනගත් හැටි...

ඖෂධ නාම ගැන කියමින් සජිත් ඇනගත් හැටි... Like us : ආයුබෝ News

Posted by ආයුබෝ News on Sunday, March 22, 2020

 

views

1905 Views

Comments

arrow-up