පත්තර සමග කොරෝනා පැතිරේවිද? - වෛද්‍යවරු අනතුරු අඟවති...
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

පත්තර සමග කොරෝනා පැතිරේවිද? - වෛද්‍යවරු අනතුරු අඟවති...

පත්තර සමග කොරෝනා පැතිරේවිද? - වෛද්‍යවරු අනතුරු අඟවති...

COVID-19 පැතිරී යන මෙවැනි වාතාවරණයක පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරීම දැඩි අවදානම් සහගත බව වෛද්‍යවරු පවසති.

 

පුවත්පත් බෙදා හැරීම  කොරෝනා ගෙදරටම ගෙන්වා ගන්නා ක්‍රමයක් විය හැකි බවට ඇතැම් වෛද්‍යවරු අනතුරු අඟවති. 

 

එමෙන්ම එය ජනමාධ්‍යවේදීන්ගේ සහ පුවත්පත් ආයතනවල සේවකයන්ගේ ජීවිතය ද අවදානමකට ලක් කිරීමක් බව ඔවුහු පවසති.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  අපේක්ෂා රෝහලේ ⁣වෛද්‍ය නිහාල් රංජන් මහතා මෙසේ පැවසීය.

 

"මෙම මොහොතේ පත්තර මුද්‍රණයේ විශාල අවදානමක් තිබෙනවා. පත්තරයක් මුද්‍රණය කරල අවශ්‍ය කෙනාගෙ ගෙදරට යවන වැඩපිළිවෙළක් නෑනෙ. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. පත්තරේ එක්ක කොරෝනා ගෙනයෑමක් බවට මෙය පත්වෙන්න පුළුවන්. ඒක කරනවද නැද්ද කියල කල්පනා කරන්න. විශේෂයෙන්ම මුද්‍රණ අංශ සේවකයන්ට නිශ්චිත දුර තබාගෙන වැඩ කරන්න පුළුවන් ද? බෙදාහැරීමේ දී එහෙම වෙනවද? මේ වගේ ප්‍රශ්න රැසක් එනවා. එනිසා මේ අවස්ථාව මුද්‍රණය වෙනුවට ඊ පුවත්පත් වැනි විකල්ප ප්‍රකාශන මාධ්‍යයකට යොමුවිය යුතු මොහොතක්"

views

1874 Views

Comments

arrow-up