COVID19 අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කරයි

කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි.එම ප්‍රදේශ පහතින්.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,නුගේගොඩ,බත්තරමුල්ල ,කොලොන්නාව,කහතුඩුව,මොරටුව,කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයට අයත් අවදානම් කලාප වනවා.
රාගම,මිනුවන්ගොඩ , වත්තල, දිවුලපිටිය,ජා ඇල, ඒකල,කටාන ,සීදුව,ගම්පහ,අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය,මහර, දොම්පේ,පූගොඩ, මීරිගම,බියගම, මීගමුව, කටුනායක යන ප්‍රදේශ ගම්පහට අයත් අධි අවදානම් කලාපයි.
මීට අමතර කලුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වාද්දූව ද මෙම ලැයිස්තුවට අයත්.
කොරෝනා ආසාදිතයින් හමුවු ප්‍රදේශ සලකුණු කල සිතියමක් කොරෝනා මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කර තිබෙනවා.
ඊට අනුව මුලතිව් සහ වව්නියා යන දිස්ත්‍රික්ක 2ක හැර අන් සියලු දිස්ත්‍රික්ක වලින් රෝගින් වාර්තා වි තිබෙනවා.
ඉන් වැඩිම ප්‍රමාණය ගම්පහින් වන අතර එම අගය 3333ක්.
1250 Views
Comments