PB වගේ අය ජනාධිපති ලඟ ඉන්නකං සෞභාග්‍යයේ දැක්ම හීනයක් - මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව පූර්ණ විශ්වාසය තැබිය හැකි වුවත්, ඔහු වටා සිටින ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය ගැටලුසහගත බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. විශේෂයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැනි පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන රට ගොඩනැගිය නොහැකි බවයි ආනන්ද හිමි පවසන්නේ.
'ඉදිරියේදී ඔබතුමා බලාපොරොත්තු වෙන සෞභාග්‍යයේ දැක්ම නං කවදාවත් පී.බී. ජයසුන්දර වගේ අය ලංකරගෙන ක්‍රියාත්මක කරන්න වෙන්‍නෙ නෑ. ජනාධිපතිතුමනි, ඔබතුමා පළමුවෙන් කරන්න ඕන කාර්යය තමයි මේ වගේ නිළධාරීන්ගෙන් ඈත් වෙන එක, එවැනි අයගෙ උපදෙස් නොගන්න එක.
'එතුමාට රාජ්‍ය තනතුරු දරන්න බෑ කියලා නඩු තීන්දුවකුත් තියනවා. එයාලා කරන්නෙ තමන්ගෙ පුටුව ආරක්ෂා කර ගන්න එක මිසක් රට හදන එක නෙවෙයි. මේ වගේ අය රටට ආදරේ කරයි කියලා විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේ වගේ පුද්ගලයන් වෙනුවට රටට ආදරේ කරන අයගෙ උපදෙස් ගන්න ජනාධිපතිතුමා කල්පනා කළ යුතුයි'
1036 Views
Comments