කොත්තු බාස්ටත් ගුරුවරුන්ට වඩා වැඩි වැටුපක් ලැබෙනවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

කොත්තු බාස්ටත් ගුරුවරුන්ට වඩා වැඩි වැටුපක් ලැබෙනවා

කොත්තු බාස්ටත් ගුරුවරුන්ට වඩා වැඩි  වැටුපක් ලැබෙනවා

ගුරුවරයෙකුට අද ලැබෙන්නේ රුපියල් 31,000/- ක අන්තිම සොච්ඡම් වැටුපක්. ඒ නිසාම ඉදිරියේදී අපේ රජය ඉදිරිපත් කරන පළමු අය වැයෙන්ම ගුරුවරුන්ට හොද ආකර්ෂණීය වැටුපක් ලබා දෙන්න තීරණය කර තිබෙනවා යැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  මාතර, මිල්ලවැවදී ප්‍රකාශ කලා

 

දික්වැල්ලේ මහජන කැෆේ කඩේ කොත්තු බාස්ටත් ගුරුවරුන්ට වඩා වැඩි  වැටුපක් ලැබෙන බව ප්‍රකාශ කල ඩලස් අලහප්පෙරුම මහතා, සෑම ගුරුවරයෙකුටම උපාධියක් දක්වා යෑමට හැකි පසුබිමද සකස් කරන බව  සදහන් කලා.

 

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මාතර, මිල්ලවැවදී පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

 

ලබන සදුදා (27) පාසැල් පටන් ගන්නවා. දැන් ඇදිරි නීතිය නැහැ. ඇදිරි නීතිය තිබෙන කාලේ ජනතාව ගෙදර හිටපු නිසා කොරෝනා බෝවෙන්න විදිහක් තිබුණේ නැහැ.

 

තමන්ගේ දුවල පුතාලට සෞඛ්‍යය පුරුදු අත් හරින්න ඉඩ දෙන්න එපා. දරුවන් වෙනුවෙන් වැඩිහිටියනුත් උපරිමයෙන් සෞඛ්‍යය පුරුදු පිළිපදින්න.

 

පැසැලේදී කිසිදු අනතුරක් නොවන්න අපි දරුවන් රැක බලා ගන්නවා. ගෙදරදී බස් රථයේදී දරුවන් බලා ගැනීම දෙමාපියන්ගේ වගකීමයි. කඩින් කඩ පාසැල් ආරම්භ කරන්න මමයි, තීරණය කළේ. ඒ සම්බන්ධයෙන්
මට නොයෙක් දෙනා චෝදනා කළා.

 

බස් සංගම් පවා විවිධ විරෝධතා දැක්වූවා. එහෙම නොකලා නම් රාජාංගණයේ මුළු පාසැලේම දරුවන් නිරෝධායනයට ලක් කරන්න වෙනවා. දැන් නිරෝධායනයට ලක්කර තිබෙන්නේ 05 ශ්‍රේණියේ දරුවන් හා ගුරුවරුන් පමණයි.

 

views

796 Views

Comments

arrow-up