PHI වර්ජනයෙන් සෞඛ්‍ය සේවා බිඳ නොවැටී පවත්වා ගැනීමට GMOA යෝජනා

මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් නිවේදනය හරහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීමකට ලක් නොවන අයුරින් කටයුතු කිරීම සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට යෝජනාවලියක් ඉදිරිපත් කොට තිබෙනවා.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් සිදු කරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා වන සියලු පහසුකම් ඔවුන් වෙත ලබාදීම මෙහි පළමු යෝජනාව ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දක්වා ඇත.
අවශ්‍යතාවයක් සහිත කොට්ඨාශ වෙත වෛද්‍යවරුන් වැඩි වශයෙන් අනියුක්ත කිරීම සහ කොවිඩ් රෝග පාලනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හට අමතර අවශ්‍ය වන මානව සම්පත් සඳහා විකල්පයක් හඳුනාගෙන ඒ පිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික උපදෙස් මත වහාම සේවයට එක් කිරිම මෙලෙස ඉදිරිපත් කර ඇති යෝජනා වේ.
666 Views
Comments