PHI වරු සියලු බෝවන රෝග පාලනයෙන් ඉවත් වෙති!

අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් Covid 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
මහමැතිවරණය සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමේදී මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ට බලතල ලබා නොදීමටත් එසේ බලය නොදුන්නේ මහජනතාව පීඩනයට පත්වීම වැළැක්වීම සඳහා බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ප්‍රකශයටත් විරෝධය පළ කරමින් ඔවුහු පසුගිය (17) දවවල් 12.30 සිට කොරෝනා පාලන රාජකාරීවලින් ඉවත් වූහ.
එහෙත් එම ගැටළු පිළිබඳ ඊයේ (18) දහවල් වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙසේ සියලුම බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වීමට තමන් තීරණය කළ බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
713 Views
Comments