ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කලුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ

ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කලුආරච්චි මහත්මිය වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි අතර පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ප්‍රවීණ රංගන ශිල්පිණියක් ලෙස දීර්ඝ කාලයක් කලා කටයුතුවල නිරතව සිටියා ය.
රාජ්‍ය නාට්‍ය සම්මානය කිහිප වතාවක්ම දිනූ ඇය "දහසක් සිතුවිලි" චිත්‍රපටයෙන් සිංහල සිනමාවට අවතීර්ණ වීය.
බොහෝ විට වැඩිහිටි තලතුනා චරිත නිරූපණයට ඇයට අවස්ථා හිමි වූ අතර "බක්මහ දීගේ", "තුං මං හන්දිය", "වැලිකතර", "නිධානය", "ගැහැණු ළමයි", "මාතර ආච්චි", "දිනුම් කණුව", "හත්දින්නත් තරු", "පාර දිගේ", "වසන්තයේ දවසක්", "ආරාධනා", "තරංගා", "සිරිල් මල්ලි", "සුදු අක්කා", "යුවතිපති", "සෙයිලම", "පවුරු වළලු", "උත්පලවන්නා" සහ "සමනල තටු" වැනි චිත්‍රපට ගණනාවක චරිතාංග නිළියක ලෙසින් රංගනය කළාය.
"සෙලීනාගේ වලව්ව" චිත්‍රපටයේ සෙලීනා ලෙස ප්‍රමුඛ චරිත රංගනයක් ද සිනමාවට තිළිණ කළ ඇය මෙරට පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍ය වන නිහාල්සිංහයන්ගේ "දිමුතු මුතු" තුළින් පුංචි තිරයට ද පිවිසියාය. "බුමුතුරුණු", "චාතූර්යා", "විලම්භීත" වැනි ටෙලි නාට්‍ය රැසක ද රංගනය කළ අවසන් වරට ප්‍රේක්ෂකාගාරය දුටුවේ "අඳුරගත්තද මන්දා, මේවා රස ඒවා නැන්දා......." නම් දෙබසකින් ප්‍රසිද්ධ වූ බිස්කට් වෙළඳ දැන්වීමක ය.
ප්‍රවීණ සංගීතවේදියෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම ගායකයෙක් වන ලක්ෂ්මන් විජේසේකර සමගින් විවාහපත් වූ ඇය සිය දියණිය වූ රංගන ශිල්පිනී අමා විජේසේකර සහ සංගීතඥ, ටෙලිනාට්‍ය රංගන ශිල්පී විහඟ විජේසේකර පුතණුවන් කලා ලොවට තිළිණ කළාය. සුමති සම්මානයන් දිනා ඇති ඇය ජනාධිපති සම්මාන උළෙලේ පුරෝගාමී සම්මානලාභිනියකි.
මියයන විට ඇය 76 වැනි වියේ පසුවූවා ය.
739 Views
Comments