කොරියා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

කොරියා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

කොරියා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

මෙම විභාගය 2019 මැයි 28 දින ආරම්භ වූ අතර, එය 2019 ඔක්තෝම්බර් 08 දින දක්වා නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍ර යටතේ පරිගණක ආශ්‍රිතව පැවැත්වුණා.

 

ප්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකියි.

 

විභාගය සඳහා අයදුම්කරුවන් 3319 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 2411 දෙනෙකු විභාගය සමත් වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

 

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල මෙම මස 29 වන දින නිකුත් කිරීමට නියමිතව තිබුණද, එම ආයතනය මගින් එම දිනට පෙර ඉහත ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

ශ්‍රී ලංකා රජය හා කොරියානු රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පවත්වනු ලබයි.

views

813 Views

Comments

arrow-up