මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට සිරුරු 04ක් - බන්ධනාගාරයට ගිනි නිවන රථ 06ක් අතුළු වෙයි (VIDEO - PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට සිරුරු 04ක් - බන්ධනාගාරයට ගිනි නිවන රථ 06ක් අතුළු වෙයි (VIDEO - PHOTOS)

මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට සිරුරු 04ක් - බන්ධනාගාරයට ගිනි නිවන රථ 06ක් අතුළු වෙයි (VIDEO - PHOTOS)

මහර බන්ධනාගාරයේ සිට සිරුරු 04ක් රාගම රෝහල වෙත ලැබී තිබෙන අතර තුවාල ලැබූවන් 24දෙනෙක් ඇතුළත් කර ඇතැයි රාගම රාේහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා.

 

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06ක් යොදවා ඇති බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

___________________________________________________________________________

 

අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර මුලින් සදහන් කළ පරිදි රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා තිබුණා.

 

බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත, බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. එම බලය පාවිච්චි කිරිමේ දී එක් රැඳවියක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා."

 

මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.

 

 

 

 

 

 

 

 

(ඡායාරූප සමාජ මාධ්‍යයෙන් - අයිතිය මුල් අයිතිකරුවන් සතුයි)

views

948 Views

Comments

arrow-up